Showing posts with label Networking. Show all posts
Showing posts with label Networking. Show all posts

Friday, September 30, 2011

Anonymizers - ඇත්තටම ඇනෝවෙක් වෙන්න


ඇනෝල කිව්වම බ්ලොග් අවකාශයේ ඉන්න හැමෝම දන්නවනෙ. මම හදන්නෙ ඒ අය ගැන කතා කරන්න නෙමෙයි. මම හදන්නෙ ඔබේ IP ලිපිනය සඟවල web surfing කරන්න පුළුවන් ආකාරයක් ගැන. ඒ තමයි Anonymizers.

ඇනොනිමයිසරයක් ඉස්සෙල්ලම හදල තියෙන්නෙ Anonymizer, Inc කියන ආයතනය. ඇනොනිමයිසරයක් කියන්නෙ Proxy Sever එකක්. ඇනොනිමයිසරය අන්තර්ජාලයේ සැරිසරන්නාගේ පරිඝනකය සහ අන්තර්ජාලය අතර අතරමැදියෙක් විදිහට ක්‍රියා කරනවා. කොටින්ම ඔබ වෙනුවෙන් ඇනොනිමයිසරය අන්තර්ජාලයට සම්බන්ද වෙලා එය හරහා ඔබට අවශ්‍ය තොරතුරු ලබා දෙනවා සහ එමඟින් ඔබගේ පරිඝණකයේ තොරතුරු (IP address) ඔබගේ පුද්ගලික තොරතුරු සඟවනවා (ඒ කියන්නෙ ඔබගේ ලිපිනය ඔබ ඇතුල් වෙන වෙබ් පිටු හෝස්ට් වෙලා තියෙන වෙබ් සර්වර්යේ ලොග්ස් වල සටහන් වීම එමඟින් වළක්වනවා).


ඇනොනිමයිසරයක් භාවිතා කිරීමෙන් ඔබගේ හැදුනුම් සොරාගැනීමකට ලක් වීමේ ඉඩ ඇසිරෙනවා. එනිසා එය ඔබගේ වෙබ් අවකාශයේ ආරක්ශාවට වැදගත්. ඔබ හිතනවා ඇති ඇයි මම IP address සහ ඔබව අනාවරණය වන තොරතුරු සඟවන්නෙ කියල. කොටින්ම අපි මහපාරෙ යනකොට මම මෙයයි කියල ID card එක වන වනා කෑ ගහගෙන යන්නෙ නැහැනෙ. මෙතනත් එයටම සමාන අවස්තාවක්. ඔබ අන්තර්ජාලයේ යම් වෙබ් පිටුවකට ඇතුල් වෙනකොට ඔබේ තොරතුරු ඔවුන් දැන ගැනීම අවශ්‍ය නොවෙනවා කියල තමයි මම හිතන්නෙ. ඒ නිසා ඇනොනිමයිසරය ඉතාමත් වැදගත් අන්තර්ජාලය තුල ඔබව ආරක්ශා කර ගැනීමට.

නමුත් ඇනොනිමයිසරයන් ප්‍රායෝගික තලයේදි භාවිතා වෙන්නෙ තමන් ආරක්ශා වෙනවාට වඩා අනුන්ගෙ ආරක්ශාවට තර්ජනයක් ඇති කරන්න. විශේෂයෙන්ම විවිධ මානසික ප්‍රශ්ණ තියෙන පුද්ගලයො තමන්ගෙ තොරතුරු සඟවන්න මේවා භාවිතා කරනවා (ඔය බ්ලොග් වල කුණුහරුප එහෙම ලියන්නෙ). ළමා අපයෝජන අසභය චිත්‍රපට වැඩි වශයෙන් හුවමාරු කිරීමට සහ නැරඹීමට ඇනොනිමයිසරයන් භාවිතා වීම ඇනොනිමයිසරයන් නිසා ඇතිවී තිබෙන ගැටළුකාරී තත්වයක් බව විකිපීඩියාව පවසනවා.

මෙමඟින් අවසානයට හිතන්න පුළුවන් ඇනොනිමයිසරය කියන්නෙ එක හා සමානව හොඳට හා නරකට භාවිතා කරන්න පුළුවන් දෙයක්. නමුත් අනවශ්‍ය වෙබ් පිටුවල තමන්ගේ අන‍න්‍යතාවය සටහන් වෙනවට අකමැති අයට පාවිච්චි කරන්න හොඳ ඇනොනිමයිසරයන් කිහිපයක් මම පහලින් සදහන් කරන්නම්.

  • Anonymouse - මෙය ඉතා හොඳ ඇනොනිමයිසරයක් සහ මෙය නොමිලයේ බාගත කරන්න පුලුවන් . මේකෙ පාවිච්චි වෙන්නෙ CGI proxy එකක්, එයින් ඔබට anonymously වෙබ් පිටුවල සැරිසරන්න, anonymous e-mails යවන්න හැකියාව ලබා දෙනවා.

  • ProxyKing.net - මේ ඇනොනිමයිසර සේවාව වෙබ් අඩවි වලට ඔබව හසු (track) කිරීමට වැලකීම සහ ඔබගේ පරිගනකයේ cookies ස්තාපනය කිරීමේ හැකියාව වලකනවා.

  • AnonymousIndex.com - මෙය IP ලිපිනය සැඟවීම, වෙබ් පිටුවල දිස් වන දැන්වීම්, referrers සහ cookies කලමනාකරණය කරන අන්තර්ජාලයේ නොමිලයේ පවතින ප්‍රොක්සි සර්වර් එකක්.

  • HideMyAss.com - නොමිලයේ ලබා දෙන ඇනොනිමයිසර සේවාවක්.

  • ProxyFoxy.com - නොමිලයේ ලබා දෙන ඇනොනිමයිසර සේවාවක් සහ මෙමඟින් cookies, spyware සහ වෙනත් අනතුරුදායක scripts මඟහැරීම සිදුකරනවා.

Wednesday, September 14, 2011

Acunetix Web Vulnerability Scanner - Demostration

I made this video for one of my assignments at University. This video shows how to use Acnetix WVS software at basic level.



You can use Acunetix WVS to scan your website to find what are the vulnerabilities the web site have.

You can download this software form Acunetix website.