Showing posts with label Windows. Show all posts
Showing posts with label Windows. Show all posts

Wednesday, October 12, 2011

පරිඝනකයට එල්ල වන සතුරු උවදුරු හා අතුරු ආන්තරා

අපි හැකින් ගැන අහල තියෙනවා. හැමෝම වගේ වෛරස් ගාඩ් ගැන දන්නවා. වින්ඩෝස් වල නිතරම ෆයර්වෝල් ගැන එක එක ඒවා එනවා. මේ හැම දෙයක්ම පරිඝනකයේ ආරක්ශාව සම්බන්ද දේවල්. මොනවයින්ද පරිඝනකයක් මේ තරම් ආරක්ශා කරන්න ඕනි? ඒ හේතු ආකාර ගැන හැකි පමණ සරලව මේ ලිපියෙන් මම විස්තර කරන්නම්. මම වෙනත් ලිපියකින් පරිඝනකයක් ආරක්ෂා කරන්න ගන්න ඕනි ක්‍රියා මාර්ග ගැන කියන්න බලාපොරොත්තු වෙන නිසා මේ ලිපියෙන් කියන්නෙ උවදුරු හා ආන්තරා ගැන විතරයි.



ප්‍රධාන වශයෙන් පරිඝනකයකට ප්‍රහාර හා උපද්‍රව එල්ල වෙන්නෙ අන්තර්ජාලය හරහා. නමුත් පරිඝනකයකට අන්තර්ජාලය නැතිව උනත් විවිද උපද්‍රව සිදු වෙන්න පුලුවන්. අපි පළමුවෙන්ම එහෙම අන්තර්ජාලය නැතිව වියහැකි අනතුරු ගැන කතා කරමු.
  • සොරකම් කිරීම: මේ කියන්නෙ අන්තර්ජාලය හරහා කරන හොරකම් නෙමෙයි. ඇත්ත ලෝකේ භෞතිකව වෙන හොරකම් ගැන.
  • විදුලි දෝශ: විදුලිය ඇන හිටීම, එකවර විශාල විදුලි ධාරිතාවයක් පැමිණීම, විදුලිය නිසි ධාරිතාවයට වඩා අඩුවෙන් (ඩිම්) පැමිණිම වැනි හේතු නිසා පරිඝනක පද්ධතියේ ඉලෙක්ට්‍රොනික උපාංග වලට හානි සිදු වෙන්න පුළුවන්.
  • ඩිස්ක් ඇන හිටීම (Disk Failure): විවිද හේතු නිසා දත්ත ගබඩා කරල තියෙන හාර්ඩ් ඩිස්ක් වැඩ කරන්නෙ නැතුව යන්න පුළුවන්. මේ විදිහට ඩිස්ක් වැඩ කරන්නෙ නැතුව යන එකෙන් දත්ත නැති වීම නිතරම දකින්න පුලුවන් දෙයක්.
දැන් අපි බලමු අන්තර්ජාලය හරහා පිටස්තර ප්‍රහාරකයෙක්ට ඔබේ පරිඝනකයට සිදු කරන්න පුලුවන් ප්‍රහාර හා අනතුරු ගැන.

  • ට්‍රෝජන් අශ්වයන් භාවිත කිරීම: මම මේ ගැන වෙනම ලිපියක් ලියල තියෙනවා. ඒ ලිපිය මෙතනින් ගිහින් කියවන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි ට්‍රෝජන් අශ්වයෙක් වෙන පරිඝනකයකට යවන ආකාරය ගැන ලියපු ලිපිය මෙතනින් ගිහින් කියවන්න.
  • Packet Sniffing: පරිඝනක ජාල (Network) හරහා දත්ත හුවමාරු වෙන්නෙ Data Packet විදිහට. මේ විදිහට පැකට් විදිහට ජාල හරහා හුවමාරු වෙන තොරතුරු ග්‍රහණය කරන එක තමයි වෙන්නෙ පැකට් ස්නිෆිං වලදි. මේ සඳහා ගොඩක් වෙලාවට Packet Sniffers කියන වැඩසටහන් වර්ගය තමයි භාවිත වෙන්නෙ. මේ විදිහට පාස්වර්ඩ් වගේ සංවේදී දත්ත සොරකමට ලක් වෙන්න පුලුවන්.
  • චැට් හරහා (Chat Clients): අන්තර්ජාලය තුල පණිවුඩ හුවමාරු කර ගන්න විවිධ චැට් මෘදුකාංග හා වෙබ් අඩවි භාවිත කරනවා. මේ සමහර චැට් හරහා executable codes හුවමාරු කරන්න පුලුවන් නිසා පරිඝනකයට හරහා ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්.
  • පෑල දොරවල් හා දුරස්ත පරිපාලන වැඩසටහන් (Back Doors and Remote Administration Programs): වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන පරිඝනක විශාල වශයෙන් මේ ආකාරයේ උවදුරු වලට ලක් වෙනවා. මේ වැඩසටහන් උපයෝගයෙන් පිටස්තරයෙක්ට පුලුවන් ඔබේ පරිඝනකයට අන්තර්ජාලය හරහා වෙනත් ස්ථානයක සිට ඇතුල්වන්න සහ පාලනය කරන්න.
  • Denial of Service : මෙය එක් ආකාරයක හැකර් ප්‍රහාරයක්. DoS හෙවත් Denial of Service ලෙස මේක හැදින්වෙනවා. මේකෙන් ඔබේ පරිඝනකය ක්‍රියා විරහිත කරන්න හෝ වෙනත් දත්ත Process කිරීම තුල කාර්ය බහුල කරන්න පුලුවන්. මෙයින් සිදු වන්නෙ ඔබට ඔබේ පරිඝනකය එම ප්‍රහාරය පවතින තාක් භාවිත කරන්න නොහැකි වීමයි.
  • වෙනත් පරිඝනකයකට එල්ල වෙන ප්‍රහාරයකට අතරමැදියෙකු විදිහට ඔබව භාවිත වීම: මේ ආකාරයේ ප්‍රහාරයකට කියන්නෙ DDoS හෙවත් Distributed Denail of Service කියල. මේ ඩීඩොස් වැඩසටහන් පාවිච්චි කරල ඔබේ පරිඝනකය බළල් අතක් විදිහට වෙනත් අකටයුත්තක් සඳහා හැකර්ලා පාවිච්චි කරන්න පුලුවන්.
  • අනාරක්ෂිත Windows Shares: ඔබේ පරිඝනකයේ තිබෙන අනාරක්ෂිත Sheres ප්‍රහාරකයෙකුට තමන්ගේ Worms, Bots, Viruses වගේ වැඩසටහන් ස්තාපනය කරන්න ඉඩකඩ සලසනවා.
  • Mobile Codes (Java, JavaScript, ActiveX): පරිඝනකයේ ස්ථාපනය කරන විවිධ ආකාරයේ Mobile Codes නිසා පරිඝනකයක ආරක්ෂාවට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ Programming Language නිසා වෙබ් අඩවි ගොඩනගන්නන්ට පුලුවන් විවිධ කේත (Codes) ලියා ඒවා ඔබේ බ්‍රව්සරය (Browser) තුල ක්‍රියාත්මක (Execute) කරවන්න පුළුවන්. මේ විදිහට බහුලව පාවිච්චි වෙන Mobile Codes තමයි Java, JavaScript, ActiveX යන ඒවා. මේවා වෙබ් අඩවි ගොඩනගන්නන්ට වගේම හැකර් කෙනෙකුටත් පුලුවන් ඔබේ පරිඝනකයේ තොරතුරු එකතු කරන්න හා වෙනත් හානි කර කේතයක් ක්‍රියාත්මක කරන්න.
  • Cross-Site Scripting: මෙහිදී සිදු වන්නේ යම් ප්‍රහාරකයෙකු විසින් වෙබ් අඩවියකට කුමක් හෝ Script එකක් අමුණා යැවීමයි. ඉන් පසු යම් අවස්ථාවක ඒ වෙබ් අඩවිය ඔබට ප්‍රතිචාර දක්වනකොට අදාල හානිකර Script එකත් ඔබේ බ්‍රව්සරය හරහා පරිඝනකයට පැමිණීමයි. මෙවැනි වලට පරිඝනකයක් නිරාවරණය වන ආකාර ප්‍රධාන වශයෙන්, අවිශ්වාස කටයුතු වෙබ් අඩවි වල ෆෝරම් හා චැට් වලට සම්බන්ද වීම, ලින්ක් එකක් ඔබව ගෙනියන්නේ කොහේටද නොදැන ඒවා භාවිත කිරීම වැනි ආකාර හඳුන්වන්න පුලුවන්.
  • Email Spoofing: මෙහිදී සිදු වන්නේ ඔබට යම් වෙබ් අඩවියකින් යැයි පෙන්වමින් Email එකක් එවනවා. නමුත් එය ඔබව ගෙනි යන්නේ ඔවුන් පෙන්වා දෙන අඩවියට නෙමෙයි. උදාහරණයක් විදිහට ඔබට බැංකුවේ වෙබ් අඩවියෙන් ලෙස පෙන්වා දෙමින් ඊමේල් එකක් එනවා ඔබ බැංකුවේ වෙබ් අඩවියට යාමට එය භාවිතා කරනවා නමුත් ඔබ යන්නේ ප්‍රහාරකයා විසින් නිර්මාණය කළ වෙනත් අඩවියකට. මෙය ප්‍රධාන වශයෙන් පාස්වර්ඩ් වැනි දේ සොරකම් කරන්න භාවිත වෙනවා.
  • Email-Borne Viruses: මේවා තමයි ඊමේල් ඇමිණුම් (Attachments) විදිහට පැමිණෙන හානිකර කේත (Malicious Code). මෙවන් ඊමේලක ඇමිණුම විවෘත කරපු ගමන්ම අදාල හානිකර කේතය පරිඝනකය තුල ක්‍රියාත්මක වෙනවා.
  • Hidden File Extensions: වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල Option එකක් තියෙනවා Hidden File Extensions for Known File Types සඳහා. මේ Option එක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙලා තමයි තියෙන්නෙ. මේවාත් වැඩි වශයෙන් ඊමේල් ඇමිණුම් විදිහට තමයි පැමිණෙන්නෙ. විවිද අනාරක්ශිත වෙබ් අඩවි වලින් බාගත කර ගන්න වීඩියෝ, ඕඩියෝ (Video/Audio) ගොනු වලත් මේ වගේ Hidden File Extensions තියෙන්න පුලුවන්. මෙයට උදාහරණ විදිහට,
  1. Downloader (MySis.avi.exe or QuickFlick.mpg.exe)
  2. VBS/Timofonica (TIMOFONICA.TXT.vbs)
  3. VBS/CoolNote (COOL_NOTEPAD_DEMO.TXT.vbs)
  4. VBS/OnTheFly (AnnaKournikova.jpg.vbs)
මේ ආකාරයෙන් විවිධ ආකාරයේ සතුරු උවදුරු හා අනතුරු පරිඝනකයට එල්ල වෙන්න පුලුවන්. මේ විවිද වූ අනතුරු හා උවදුරු වලින් පරිඝනකය හා ඔබේ තොරතුරු ආරක්ශා කර ගන්න ගත යුතු ක්‍රියා මාර්ග ගැන වෙනත් ලිපියකින් ලියන්නම්.

Saturday, October 1, 2011

ට්‍රෝජන් අශ්වයෙක් පරිඝනකයකට දක්කන්න!!


මේ ලිපියෙන් මම අද කියන්න යන්නෙ කොහොමද ට්‍රෝජන් අශ්වයෙක් වෙනත් පරිඝනකයකට යවල. ඒ ට්‍රෝජන් අශ්වය ලවා අදාල පරිඝනකත් එක්ක සෙල්ලම් කරන්නෙ කියල. ට්‍රෝජන් අශ්වයන්ගෙ ක්‍රියා කාරීත්වය ගැන මම සවිතරාත්මක ලිපියක් කලින් ලියපු නිසා මේ ලිපියෙන් මම ඒ ගැන කියන්න යන්නෙ නෑ. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් ඒකත් කියවලම එන්න.

මම පහුගිය ලිපියෙන් පැහැදිලි කළා අපිට පහසුවෙන් භාවිත කරන්න පුළුවන් ට්‍රෝජන් අශ්ව මෘදුකාංග තියෙනවා කියන එක. මම ඒ වගේ මෘදුකාංග කීපයක නම් පහතින් සඳහන් කරන්නම්,
  • Tini
  • Netcat
  • SubSeven
  • Back Orifice 2000
  • NetBus
මෙතන තියෙන මෘදුකාංග වලින් NetBus කියන ට්‍රෝජන් අශ්වයා භාවිත කරන ආකාරය තමයි මම අද කියන්න යන්නෙ. ඊට කලින් අනිවාර්යයෙන් සඳහන් කරන්න ඕනි ට්‍රෝජන් අශ්වයෙක් වෙනත් අයෙකුගේ පරිඝනයකට හෝ පරිඝනක පද්ධතියට යවල හැක් කරන එක නීති විරෝදී කියන එක. ඒ නිසා ට්‍රෝජන් අශ්වයෙක් යවන්න කලින් ඒ පුද්ගලයා හෝ ආයතනය දැනුවත් කරල අනුමැතිය ලබා ගැනීම වැදගත්.

ඒ වගේම ඔබට ඔබේ පරිඝනකය හෝ පරිඝනක පද්ධතිය ට්‍රෝජන් අශ්ව ප්‍රහාර වලට මුහුණ දෙන්නෙ කොහොමද කියල දැන ගන්නත් ඒ වගේ ප්‍රහාරයක් කිරීමෙන් දැන ගන්න පුළුවන්.


මම මාතෘකාවට දක්කනව වගේ වචනයක් දැම්මට ට්‍රෝජන් අශ්වයන් යැවීම ප්‍රහාරයක් (Attack) හා යවන්නා ප්‍රහාරකයෙක් (Attacker) විදිහට තමයි සැලකෙන්නෙ. ඒ නිසා දැනුමට හා විනෝදයක් ලබන්න ප්‍රහාරය අනුමැතිය සහිතව (මේකත් ලිඛිත වන්න ඕනි) කරන්න කියල මම ඉල්ලා සිටිනවා. මොකද මෙයින් ලබා ගන්නා දැනුමකින් ඔබ කරන ක්‍රියා සම්බන්ධයෙන් වගකීමක් මට නැහැ.

බය කළා ඇතිනෙ, දැන් වැඩේට බහිමු. මම කලින් කිව්වා මම ඔබට පාවිච්චි කරන්න කියල දෙන්නෙ NetBus කියන ට්‍රෝජන් අශ්ව මෘදුකාංගය කියල. මේ මෘදුකාංගය ඉතාමත් ප්‍රසිද්ධ ට්‍රෝජන් අශ්ව මෘදුකාංගයක්. ඉස්සෙල්ලම මෘදුකාංගය මෙතනින් ගිහින් භාගත කරන්න. භාගත කරන්න කලින් ඉස්සෙල්ලම Virus Guard හා Fire Wall අක්‍රීය (Disable) කරන්න.


හැම ට්‍රෝජන් අශ්වයෙක් වගේම NetBus ටත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි,
  1. Client
  2. Server
මෙතනින් සර්වර් ෆයිල් එක තමයි ට්‍රෝජන් අශ්වයාට ගොදුරු වෙනාගෙ පරිඝනකයේ ස්ථාපනය කරන්නෙ. Client එකෙන් තමයි අපි හැක් කරන්නෙ. හැක් කරන ආකාරය දැන ගන්න කලින් අපි බලමු නෙට්බසය පාවිච්චි කරල වෙනත් පරිඝනකයකට ඔබේ පරිඝනයකේ ඉඳන් මොනවාද කරන්න පුළුවන් කියලා,
  • CD/DVD-ROM ඇරීම හා වැසීම
  • BMP/JPG පින්තූර දිස් වීමට සැලැස්වීම
  • මූසිකයයේ (Mouse)බොත්තම් (Button) වල වම දකුණ මාරු කිරීම
  • වෙනත් වැඩසටහන් ආරම්භ කිරීම
  • WAV ගොනු ධාවනය කිරීම
  • මූසිකය පාලනය කිරීම
  • විවිධාකාරයේ පණිවුඩ දිස් වීමට සැලැස්වීම
  • වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය (OS) වැසීම (Shut Down)
  • ගොනු(Files) Download/Upload/Delete කිරීම
  • Keystrokes යැවීම සහ යතුරු (Keys) අත්හිටුවීම (Disable)
  • විකල්ප URL එකකට යැවීම
  • Keystrokes ග්‍රහණය කර ගැනීම
  • Screendump ගැනීම
  • පරිඝනකයේ ශබ්දය අඩු වැඩි කිරීම
  • පරිඝනකයේ මයික්‍රෆෝනයෙන් ශබ්ද පටිගත කිරීම
වැනි විවිධාකාර දේවල් රාශියක් NetBus ට්‍රෝජන් අශ්වයාට කරන්න පුළුවන්.

මෙය භාවිතයෙන් හැක් කිරීමේදී වඩාත් වැදගත් වෙන්නෙ ඔබේ ගොදුරට (Victim) සර්වර් ෆයිල් එක ඔහුගේ පරිඝනකය තුල ස්ථාපනය කර වීමයි. ඔබ අද්‍යාපනික අරමුණකින් කරනවානම් ගොදුරගෙ අනුමැතිය ඇතුවම මේක ස්තාපනය කරන්න පුලුවන් බොහොම ලේසියෙන් නමුත් හැක් කරනකොට එහෙම අනුමැතිය ලැබෙන්නෙ නෑ. ඉතින් මේ සඳහා හැකර්ලා විවිධ ආකාර පාවිච්චි කරනවා. ඔබගේ දැන ගැනීමට මම ඒ ආකරයක් දෙකක් පැහැදිලි කරන්නම්.

අපිට පුළුවන් මේ ට්‍රෝජන් අශ්වයා වෙනත් නමකින් නම් කරන්න. ඒ කියන්නෙ දකින්නාට හිතෙනවා මේක වෙන දෙයක් කියල. උදාහරණයකට අපිට පුළුවන් ඒක Beauty_of_Sri_Lanka.exe වගේ නමකින් නම් කරන්න. දැක්කම අපිට හිතෙනවා මේක මොකක් හරි ලංකාවෙ සොබා දම වගේ දෙයක් ගැන අදාල මොකක් හරි කියල. එහෙම හිතල ඒක ධාවනය කරනවා. එතකොට කිසිම දෙයක් වුන බවක් ගොදුරට පෙනෙන්නෙ. නමුත් ඔහු ඒක ධාවනය කරපු ගමන් ඔහුට නොපෙනී ට්‍රෝජන් අශ්වයා පරිඝනකය තුල ස්තාපනය වෙනවා. එක්කො මේක ගේම් එකක් විදිහට නම් කරන්න පුළුවන් Bubble.exe හෝ PacMan.exe වගේ. මෙතනදි අපි බලාපොරොත්තු වෙන්නෙ ඉහල අවස්ථාවෙ වගේම හොඳ ගේම් එකක් නමුත් ධාවනය කරපුවාම කිසිම දෙයක් වෙන්නෙ නෑ ඉතින් අපිත් දෙතුන් සැරයක් රන් කරල අතෑරල දානවා නමුත් අපිට නොපෙනීම අපි විසින්ම ට්‍රෝජන් අශ්වයා අපේ පරිඝනකයට රිංගලා. ඒකයි මේකට ට්‍රෝජන් අශ්වයා කියන්නෙ මම ඒ ගැන කලින් ලිපියෙ කිව්වා. මේ විදිහට කී සැරයක් ඔයාලත් රන් කරපුහාම මොකවත් නොවුන ෆයිල් රන් කරලා තියෙනවාද?


ඒ වගේම හැකර්ලා තවත් ආකාරයක් භාවිතා කරනවා. ඒ තමයි Wrapper එකක් අනුසාරයෙන් ට්‍රෝජන් අශ්වයා ඇත්තටම වැඩ කරන වැඩසටහනකට එතීම. උදාහරණයක් විදිහට ඇත්තටම වැඩ කරන හැමෝම ආස චෙස් ගේම් එකක් තියෙනවා Chess.exe කියලා. ඒකෙ ගොනුවේ ප්‍රමාණය (File Size) 500KB කියල හිතමුකො. හැකර් කරන්නෙ Wrapper වැඩසටහනක් ආධාරයෙන් ට්‍රෝජන් අශ්වයාවත් (මෙයත් exe ෆයිල් එකක්ම තමයි) Chess.exe එකටම එතීම හෙවත් සැඟවීම එතකොට ෆයිල් එක 600KB විතර වෙනවා. එතකොට ඔබ අර ගේම් එක ස්තාපනය කරපුවාම ඇත්තටම ගේම් එක ස්තාපනය වෙනවා (ඒක අපිට සෙල්ලම් කරන්නත් පුළුවන්) ඒත් එක්කම ඒකෙ හංගල එවපු ට්‍රෝජන් අශ්වයාත් ස්තාපනය වෙනවා. කොටින්ම අපි එක exe ෆයිල් එකක් රන් (Run) කරනකොට ඇත්තටම දෙකක් රන් වෙලා. ඇත්තටම ට්‍රෝජන් අශ්වයා කියන්නෙ වෙනත් වේශයකින් එන පහරදීමක්. අපිම තමයි නොදැනුවත්ව පහර දීම පාවඩ දාල පිලිගන්නෙත්. ඇත්තටම අර තුසර පුර සංග්‍රාමයේදි උනා වගේ.

මෙහෙම ස්තාපනය උන ගොදුරු පරිඝනකය අන්තර්ජාලයට හෝ LAN එකට සම්බන්ද උන ගමන් පහර දෙන්නාට පුළුවන් අර උඩ තියෙන වින්ඩෝව් එකෙ තියෙන දේවල් කරන්න. ඒවා කරන ආකාරය හොඳට පෙන්වන වීඩියෝවක් මට හම්බ උනා. ඒකෙන් බලල ඉතිරි ටික කර ගන්න එක කජු කනව වගේ තමයි. මම ඔයාලට දුන්න NetBus ට්‍රෝජන් අශ්වයා හොඳට වැඩ. මම මේක ලියන්න කලියෙන් ඒක මගේ ගෙදර තියෙන LAN එකට සම්බන්ධ අනිත් පරිඝනකයකට දාල ටෙස්ට් කලා. මම ආසම CD-ROM වැඩේට ඒක හරිම අත්බූත බවක් දෙනව නිකන්ම එක ඇරෙන වැහෙන එක. ඔය යටින් තියෙන වීඩියෝව බලල ඉතුරු හරිය කරන්න.



මේ ලිපියේ අඩංගු සියලුම කරුණූ අධ්‍යාපනික අරමුණකින් ප්‍රදර්ශනය සඳහා පමණක් පල කළ ඒවා බව සලකන්න.

All content of this post are only for demonstration purpose and do not try this without a proper authorization document form the potential victim.

Tuesday, September 13, 2011

Thumbs.db කියන්නෙ මොනවාද?

වින්ඩෝස් මෙහෙයුම් පද්ධති පාවිච්චි කරන අයට සමහර විට තියෙන්න පුළුවන් ගැටළුවක් තමයි මොනවද මේ Thumbs.db ගොනු කියල. මේ Thumbs.db ගොනු දකින්න පුලුවන් වෙන්නෙ පින්තූර, වීඩියෝ එහෙම තියෙන folders වල. කොච්චර delete කලත් ආපහු හැදෙනවා. මම මීට අවුරුදු 3කට 4කට කලින් (ඒ කාලෙ පාවිච්චි කලේ වින්ඩෝස් XP) හිතාගෙන හිටියෙ Thumbs.db කියන්නෙ වෛරස් එකක් කියල. ඉතින් ඕක සැරින් සැරේ මකන එක තමයි වැඩේ!!. මේ ලඟදි මගෙ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියෙත් Thumbs.db ගොනු වගයක් හැදිල තිබුනම Thumbs.db ගැන අමිහිරි මතකය මතක් උනා. ඉතින් මේ ගැන බ්ලොග් එකක් ලියන්න හිතුව මට වගේම Thumbs.db දකින එක හිසරදයක් වුන අය ඉන්නවනම් ඒක සනීප කර ගන්න.


Thumbs.db කියන්නෙ Extension දිහා බලපුහාමනම් Database File එකක්. ඇත්තටම Thumbs.db කියන්නෙ System File එකක්. මේක අපිට Thumbnail Cache File කියල හදුන්වන්න පුළුවන්. මේක හදන්නෙ Windows Explorer එකෙන්. මේක වෛරස් එකක් නෙමෙයි. අපි Folders වල තියෙන පින්තූර එහෙම Thumbnail View එකෙන් බලනකොට Windows Explorer එකට සිදු වෙනවා ඒ ෆෝල්ඩරය ඇතුලෙ Thumbnail Icons හදන්න. Thumbs.db කියන්නෙ Cache File එකක් ඒකෙන් කරන්නෙ අර Thumbnail Icons තොරතුරු ගබඩා කරගන්න එක ඔබ දෙවෙනි පාරටත් එකම ෆෝල්ඩරය Thumbnail View එකෙන් බලනකොට Windows Explorer එකට ඕනි වෙන්නෙ ඒ ෆෝල්ඩරය ඇතුලෙ ආයෙමත් අලූතින් Thumbnail Icons හදන්න, එයා Thumbs.db ගොනුවෙන් අර තොරතුරු අරන් Thumbnail Icons පෙන්වනවා. මේකෙන් දෙවනි වරට Thumbnail View එකෙන් බලනකොට වේගයෙන් අදාල පින්තූර වල Thumbnail Views ලබා දෙනවා.

Thumbs.db කියන්නෙ වෛරස් එකක් නොවෙන අතරම ඒකෙන් පරිඝනකයේ වේගයට බලපෑමක් කරන්නෙත් නැහැ. නමුත් පරිඝනකයේ හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩනම් මේ ගොනු සදහා වැය වෙනවා. සමහර වෙලාවට Thumbs.db තියෙන එක මහ කරදයක් වෙන්නෙ ඒකෙන් අපේ Folder Preferences වෙනස් කරන එකයි. යම්කිසි ගොනුවක අපි Folder View එක ලැයිස්තුවක් ආකාරයෙන් (List) හෝ තොරතුරු සහිතව (Detailed) ඉදිරිපත් කරන්න කියල Folder Settings හැදුවත් ඒ ෆෝල්ඩරය ඇතුලෙ Thumbs.db ගොනුවක් තිබුනොත් අපේ විධානය නොසලකා හැරල Thumbnail View එකෙන්ම ගොනුව ඉදිරිපත් කරන එක. මේක සාමාන්‍යයෙන් Hidden File එකක් විදිහට තමයි තියෙන්නෙ. ඒ නිසා අපිට මේක පෙනෙන්නෙ Hidden Files පෙනෙන විදිහට Folder Settings හදල තිබුනොත් විතරයි.

Thumbs.db ඉවත් කරන්න ක්‍රම කීප ආකාරයක්ම තියෙනවා. මම එක ආකාරයක් විස්තර කරන්නම්.

වින්ඩෝස් ස්ටාර්ට් බාර් (Start Bar) එකේ සර්ච් (Search) කියන තැන හෝ යතුරු පුවරුවේ වින්ඩෝස් බොත්තම හා R (Windows Key + R) බොත්තම එකවට එබීමෙන් එන Run එකේ gpedit.msc කියල ලියනය කරල Enter කිරීම.


හෝ


එවිට කියන Local Group Policy Editor මෙවලම විවෘත වෙනවා.


එහි පවතින විකල්පයන් පහත ආකාරයට විවෘත කරන්න
  • User Configuration
  • Administrative Templates
  • Windows Components
එවිට මෙවැන්නක් දකින්න පුලුවන්,


එහි වම්පස තිබෙන අප විවෘත කල විකල්පයන් ගෙන් Windows Explorer කියන එක තෝරන්න.


ඉන්පසු එහි දකුණු පස තියෙන Turn off the caching of thumbnails in hidden.db files කියන විකල්පය ඩ දෙවරක් කිලික් (double click) කරන්න. එවිට Turn off the caching of thumbnails in hidden.db files කියන නමින් වෙනම විශාල රාමුවක් (Window) විවෘත වනවා. එහි පහත පින්තූරයේ දැක්වෙන ආකාරයට Enable කියන විකල්පය තෝරා OK කරන්න.


මෙහි තියෙන අමුතු දේ තමයි මෙතන දිවිත්ව නිශේදනයක් (double negative) තියෙන එක. ඒ නිසා අපිට Thumbs.db ඉවත් කරන්න Disable (නැති කරන්න) වෙනුවට Enable (ඇති කරන්න) කියන විකල්පය තෝරන්න වෙන එක. ඔබ හදිස්සියට Disable තේරුවොත් Thumbs.db ඇති කරන්න අවසර දුන්නා වෙනවා. අමුතුයි නේ? වින්ඩෝස් ඔහොම තමා......


Thursday, January 20, 2011

fahcore_78.exe

I have a laptop with Intel Core i5-460M processor and 4 GB memory. And I am using Windows 7. Form several days I found that my laptop's processor usage is 100% even when I am doing nothing. Memory is not filled but processor works 100% always and the laptop get heated and the CPU fan works in it's best speed.
Things I realized was,
  • The machine gets over heated.
  • The machine gets damn slower.
  • Couldn't run any lager program.
  • Couldn't find any virus or trojan.
I scanned my machine several times using Avast home edition which was up to date. However I couldn't find what it is about. Then I opened Task Manager and in Task Manager I opened Performance tab which shows the CPU usage. In their also CPU usage was 100%. Then I opened Resource Monitor which is in the same tab. There I could find two processes named fahcore_78.exe. When I stop process it starts again. So I suspended the process then CPU speed went to it's normal usage. Around 5% when there is no other things are not running. Then I searched for this fahcore_78.exe then I found it on a sub folder of C:/ drive named folding@home. I went in there and there was an uninstall app. I simply uninstall the application. And after deleted the folder named folding@home. Then my machine came to it's normal behavior. NO OVER HEATING, NOT slow as a bullock cart anymore.

What is this fahcore_78.exe?
Folding@home is a distributed computing project -- people from throughout the world download and run software to band together to make one of the largest supercomputers in the world. Every computer takes the project closer to our goals. Folding@home uses novel computational methods coupled to distributed computing, to simulate problems millions of times more challenging than previously achieved.