Tuesday, September 13, 2011

Thumbs.db කියන්නෙ මොනවාද?

වින්ඩෝස් මෙහෙයුම් පද්ධති පාවිච්චි කරන අයට සමහර විට තියෙන්න පුළුවන් ගැටළුවක් තමයි මොනවද මේ Thumbs.db ගොනු කියල. මේ Thumbs.db ගොනු දකින්න පුලුවන් වෙන්නෙ පින්තූර, වීඩියෝ එහෙම තියෙන folders වල. කොච්චර delete කලත් ආපහු හැදෙනවා. මම මීට අවුරුදු 3කට 4කට කලින් (ඒ කාලෙ පාවිච්චි කලේ වින්ඩෝස් XP) හිතාගෙන හිටියෙ Thumbs.db කියන්නෙ වෛරස් එකක් කියල. ඉතින් ඕක සැරින් සැරේ මකන එක තමයි වැඩේ!!. මේ ලඟදි මගෙ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියෙත් Thumbs.db ගොනු වගයක් හැදිල තිබුනම Thumbs.db ගැන අමිහිරි මතකය මතක් උනා. ඉතින් මේ ගැන බ්ලොග් එකක් ලියන්න හිතුව මට වගේම Thumbs.db දකින එක හිසරදයක් වුන අය ඉන්නවනම් ඒක සනීප කර ගන්න.


Thumbs.db කියන්නෙ Extension දිහා බලපුහාමනම් Database File එකක්. ඇත්තටම Thumbs.db කියන්නෙ System File එකක්. මේක අපිට Thumbnail Cache File කියල හදුන්වන්න පුළුවන්. මේක හදන්නෙ Windows Explorer එකෙන්. මේක වෛරස් එකක් නෙමෙයි. අපි Folders වල තියෙන පින්තූර එහෙම Thumbnail View එකෙන් බලනකොට Windows Explorer එකට සිදු වෙනවා ඒ ෆෝල්ඩරය ඇතුලෙ Thumbnail Icons හදන්න. Thumbs.db කියන්නෙ Cache File එකක් ඒකෙන් කරන්නෙ අර Thumbnail Icons තොරතුරු ගබඩා කරගන්න එක ඔබ දෙවෙනි පාරටත් එකම ෆෝල්ඩරය Thumbnail View එකෙන් බලනකොට Windows Explorer එකට ඕනි වෙන්නෙ ඒ ෆෝල්ඩරය ඇතුලෙ ආයෙමත් අලූතින් Thumbnail Icons හදන්න, එයා Thumbs.db ගොනුවෙන් අර තොරතුරු අරන් Thumbnail Icons පෙන්වනවා. මේකෙන් දෙවනි වරට Thumbnail View එකෙන් බලනකොට වේගයෙන් අදාල පින්තූර වල Thumbnail Views ලබා දෙනවා.

Thumbs.db කියන්නෙ වෛරස් එකක් නොවෙන අතරම ඒකෙන් පරිඝනකයේ වේගයට බලපෑමක් කරන්නෙත් නැහැ. නමුත් පරිඝනකයේ හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩනම් මේ ගොනු සදහා වැය වෙනවා. සමහර වෙලාවට Thumbs.db තියෙන එක මහ කරදයක් වෙන්නෙ ඒකෙන් අපේ Folder Preferences වෙනස් කරන එකයි. යම්කිසි ගොනුවක අපි Folder View එක ලැයිස්තුවක් ආකාරයෙන් (List) හෝ තොරතුරු සහිතව (Detailed) ඉදිරිපත් කරන්න කියල Folder Settings හැදුවත් ඒ ෆෝල්ඩරය ඇතුලෙ Thumbs.db ගොනුවක් තිබුනොත් අපේ විධානය නොසලකා හැරල Thumbnail View එකෙන්ම ගොනුව ඉදිරිපත් කරන එක. මේක සාමාන්‍යයෙන් Hidden File එකක් විදිහට තමයි තියෙන්නෙ. ඒ නිසා අපිට මේක පෙනෙන්නෙ Hidden Files පෙනෙන විදිහට Folder Settings හදල තිබුනොත් විතරයි.

Thumbs.db ඉවත් කරන්න ක්‍රම කීප ආකාරයක්ම තියෙනවා. මම එක ආකාරයක් විස්තර කරන්නම්.

වින්ඩෝස් ස්ටාර්ට් බාර් (Start Bar) එකේ සර්ච් (Search) කියන තැන හෝ යතුරු පුවරුවේ වින්ඩෝස් බොත්තම හා R (Windows Key + R) බොත්තම එකවට එබීමෙන් එන Run එකේ gpedit.msc කියල ලියනය කරල Enter කිරීම.


හෝ


එවිට කියන Local Group Policy Editor මෙවලම විවෘත වෙනවා.


එහි පවතින විකල්පයන් පහත ආකාරයට විවෘත කරන්න
  • User Configuration
  • Administrative Templates
  • Windows Components
එවිට මෙවැන්නක් දකින්න පුලුවන්,


එහි වම්පස තිබෙන අප විවෘත කල විකල්පයන් ගෙන් Windows Explorer කියන එක තෝරන්න.


ඉන්පසු එහි දකුණු පස තියෙන Turn off the caching of thumbnails in hidden.db files කියන විකල්පය ඩ දෙවරක් කිලික් (double click) කරන්න. එවිට Turn off the caching of thumbnails in hidden.db files කියන නමින් වෙනම විශාල රාමුවක් (Window) විවෘත වනවා. එහි පහත පින්තූරයේ දැක්වෙන ආකාරයට Enable කියන විකල්පය තෝරා OK කරන්න.


මෙහි තියෙන අමුතු දේ තමයි මෙතන දිවිත්ව නිශේදනයක් (double negative) තියෙන එක. ඒ නිසා අපිට Thumbs.db ඉවත් කරන්න Disable (නැති කරන්න) වෙනුවට Enable (ඇති කරන්න) කියන විකල්පය තෝරන්න වෙන එක. ඔබ හදිස්සියට Disable තේරුවොත් Thumbs.db ඇති කරන්න අවසර දුන්නා වෙනවා. අමුතුයි නේ? වින්ඩෝස් ඔහොම තමා......


No comments:

Post a Comment