Friday, September 30, 2011

පරිඝනක නිර්මාණ කරන්න කැමතිද?

කොලඹ විශ්ව විද්‍යාලයීය පරිඝනක සංගමය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එක්වී පරිඝනක නිර්මාණ තරඟාවලියක් සංවිධානය කරනවා. මෙහි මූලික අරමුණ වන්නෙ සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවයේ සතුට හා වෙසක් උත්සවයේ චමත්කාරය සමග පරිගණක තාක්ෂණය නිර්මාණාත්මක ලෙස එකතු කිරීමයි.


තරඟය අංශ තුනක් යටතේ සිදුවෙනවා,
  1. සංස්කරණය කරන ලද ශ්‍රව්‍ය-දෘශ්‍ය දර්ශන - Video Editing
  2. සංස්කරණය කරන ලද ශ්‍රව්‍ය කොටස් - Audio Editing
  3. සංස්කරණය කරන ලද ඡායාරූප - Image Editing
මේ ගැන විස්තර කොලඹ විශ්ව විද්‍යාලයීය පරිඝනක සංගමයේ නිළ වෙබ් අඩවියෙන් ලබා ගන්න පූළුවන්. මේ තරඟාවලියට අදාල ෆේස්බුක් පිටුවට මෙතනින් යන්න.

මේ තරඟාවලියට සමගාමීව ඉහත අංශ යටතේම වැඩමුළු මාලාවකුත් කොළඹ විශ්ව විද්‍යාලීය පරිඝනක සංගමය විසින් සංවිධානය කරල තියෙනවා. ඒ ගැන විස්තර බලන්න මෙතනින් යන්න. මේ වැඩමුළුවෙන් ශ්‍රව්‍ය-දෘශ්‍ය/ශ්‍රව්‍ය හා ඡායාරූප සංස්කරණය පිලිබඳව වෘත්තීමය මට්ටමේ දැනුමක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වැඩමුළුව නොමිලයේ සංවිධානය කරන්නක් අතරම ඕනිම කෙනෙක්ට සහභාගී වෙන්නත් පුළුවන්. හැබැයි එක් අයෙක්ට පුළුවන් අංශ දෙකකට අදාල වැඩමුළු වලට සහභාගී වෙන්න විතරයි.

මේකට සහභාගී වෙන්න මෙතනින් ඔන්ලයින් රික්වෙස්ට් එකක් දාන්න පුළුවන් : http://compsoc.lk/en/media-workshop-registration.html

මේ වැඩමුළුව ඔක්තෝම්බර් මස 4 හා 5 දින වල උදේ 9 සිට සවස 5 දක්වා කොළඹ විශ්ව විද්‍යාලීය පරිඝනක අධ්‍යන අංශ (UCSC) පරිශ්‍රයේ පැවැත්වෙන්න නියමිතයි.

Audio Editing වැඩමුළුව “ගාමනි” චිත්‍රපටයට සංගීතය සැපයූ උදිත ජයසිංහ මහතාත් UCSC සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුත් විසින් මෙහෙයවනවා. Video Editing වැඩමුළුව UCSC හි ADMTC (Advance Digital Media Technology Center) මඟින් ද Image Editing වැඩමුළුව UCSC සහෝදර සහෝදරියන් විසින් ද මෙහෙයවන්න නියමිතයි.

මම තුමා ශ්‍රව්‍ය සංස්කරණය ගැන වැඩමුළුවක් කරන්න බලාපොරොත්තු වෙන නිසා එයට සහභාගී වෙන්න කැමති අය ඉන්නවනම් මට ලියන්න mesua911@gmail.com. සීමිත ආසන ගණනක් තියෙන නිසා හා වැඩි දවසක් නැති නිසා ඉක්මනට මට කිව්වොත් කීප දෙනක්ට අවස්තාව අරන් දෙන්න පුළුවන් වේවි.

No comments:

Post a Comment