Wednesday, July 28, 2010

මොනවද HVD - Holographic Versatile Disc කියන්නේ?


HVD නැත්නම් Holographic Versatile Disc කියන්නේ CD, DVD, සහ Blu-ray වගේ optical digital data storing device එකක්. මේකත් holography තාක්ශණයට අනුකූලව read/write කියන දෙක මත පදනම් වෙලා තමයි තියෙන්නේ. අනිත් optical digital data storing device වර්ග වගේම දශකයකට දෙකකට කලින් හොයාගෙන තියෙන්නේ. ඒත් නිශ්පාදනයට යන වියදම වැඩි නිසා සහ ලිවීම/කියවීම යන ක්‍රියාවලියන් සංකීර්න වීම යන හේතු නිසා වැඩිය ජනප්‍රිය වෙලා නැහැ.
holographic memory එකකට පුලුවන් යම් වස්තුවක් තුළ ත්‍රිමාන විදිහට දත්ත ගබඩා කරන්න. අනිත් optical devices වල කරන්නේ bumps සහ pits රාශියකින් සමන්විත spiral track එකක තොරතුරු ගබඩා කිරීමයි. ඒ නිසා සාමාන්‍යයෙන් එතාමත් දිගු binary code string අපිට ඒවා වල දකින්න පුලුවන්. ඒත් HVD වල තොරතුරු ගබඩා වෙන්නේ මතුපිටක් මත නෙමෙයි. HVD වලට පුලුවන් දත්ත යම්කිසි තිමාන පරිමාවක් තුල ගබඩා කරන්න. ඒ නිසා HVD එකක Bluray එකක වගේ 20 ගුණයක් දත්ත ගබඩා කරන්න පුලුවන් වගේම සාමාන්‍ය DVD එකක් වගේ 40 ගුණයක් වේගයෙන් දත්ත හුවමාරු කරන්නත් පුලුවන්.
දැනට ප්‍රකාශයට පත්වෙලා තියෙන සඔඛ්‍යාත්මක දත්ත වලට අනුව පූර්ව ප්‍රමාණික HVD එකක ධාරිතාවය ටෙරා බයිට් 3.9 (3.9TB = 39,000GB) ක් පමණ සහ දත්ත හුවමාරු වේගය ගිගා බයිට් 1(1GB) ක් පමණ වෙනවා. දැනට HVD drives සහ HVD තැටි ටිකක් මිල වැඩි උනත් අනාගතයේදී මිල අඩු වේවි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්. විශේෂයෙන්ම චීනය වගේ රටවල් වැඩේට බැස්සම. ඒ කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම HVD, disk storage කර්මාන්තයේ විශාල වෙනසක් ඉදිරියේදී නිසා බලාපොරොත්තු වෙන්න පුලුවන්.

No comments:

Post a Comment